නිදහස් කුසලානයේ තීරණාත්මක තරගයට ලංකාවෙන් වෙනසක්..
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර අද පැවැත්වෙන T20 තරඟයේ ප්‍රතිපලය අනුව අවසාන තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තීරණය වන අතර මේ නිසා කණ්ඩායම් දෙකම අද තරඟය ජය ගන්නට උපරිම උත්සාහ දරනු ඇත.
නිදහස් කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය වූ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ජයගත්තත් ඉන් පසුව පැවැති තරගයේදී නැවතත් බංග්ලාදේශය හමුවේ පරාජය වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලද අනපේක්‍ෂිත පහරක් විය. ලකුණු 214 ක් පුවරුවේ තිබියදීත් එය ආරක්‍ෂා කරගැනීමට පන්දු යවන්නන් අසමත් වීමේ ප්‍රතිඵලය වූයේ බංග්ලාදේශයට එරෙහිව අද (16 වැනිදා) පැවැත්වෙන තරගය, මාස දෙකකට ඉහතදී යළි සොයාගත් ආත්ම විශ්වාසය ආරක්‍ෂා කරගැනීමේ තරගයක් බවට පත්වීමයි.
නිදහස් කුසලාන තරගාවලියේ මූලික සැලැස්ම අනුව එහි අවසන් පූර්ව තරගයක් නොතිබුණත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගය අවසන් පූර්ව තරගයක තත්ත්වයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙන තරගයේදී ජයග්‍රහණය ලබන කණ්ඩායම ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයිඉන්දීය පිල මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටී.
මේ අනුව අද දිනයේ ක්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායමට ෂකීබ් අල් හසන් පැමිණීම සමඟ කණ්ඩායමේ වෙනසක් විය හැකි අතර වමතින් දග පන්දු යවන නස්මුල් ඉස්ලාම් වෙනුවට කැඳවීම් ලැබීමට වැඩි ඉඩක් ඇත.ඒ අනුව අද ක්‍රීඩා කල හැකි බංගලාදේශ කණ්ඩායම.
තමිම් ඉක්බාල්,සෞම්‍ය සාකර්, ලින්ටන් ඩස්, මුෂ්ෆිකර් රාහුම් (wk), මහමුදුල්ලා, ෂකීබ් අල් හසන් (නායක ), සබීර් රහ්මන්, මෙහෙඩි හසන්, මුස්තාෆිසර් රහ්මන්, රුබෙල් හොසේන්, අබු හේදර්.
අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමේද බොහෝ විට වෙනස්කමක් සිදු විය හැකි අතර පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණෙන් ධනංජය සිල්වා කණ්ඩායමට පැමිණිය හැකි අතර ඔහු පිට දඟ පන්දු යවන්නෙකු ලෙසද ක්‍රියාත්මක විය හැකි ක්‍රීඩකයෙකු නිසා බංගලාදේශ වමත් පිතිකරුවන් ඉලක්ක කරමින් ඔවුන් පාලනය කරන්නට ද ඔහුට අවස්තාවක් ඇත.මීට අමතරව තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථක අංශයක් වන වේගපන්දු යැවීමේ බලකායට ද ඉසුරු උදාන පැමිණෙන්නේ නම් වමත් පන්දු යවන්නෙකු ලෙස පන්දු බලකායට ඔහුට විවිදත්වයක් එකතු කල හැකි වනු ඇත.
නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත චමීරගෙන් අපේක්ෂා කල දක්ෂතා අපට දැකගන්නට නොලැබුන අතර එසේ වුව හොත් සුරංග ලක්මාල් පසුගිය තරඟ වල බංගලාදේශය හමුවේ පෙන්වූ දක්‍ෂතාද සැලකිල්ලට ගෙන ඔහුට කණ්ඩායමේ තැනක් හිමි වීමට ඉඩ ඇත.
අද ක්‍රීඩා කල හැකි ශ්‍රී ලංකා කණ්ඩායමධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා , කුසල් පෙරේරා, උපුල් තරංග, තිසර පෙරේරා, දසුන් ශානක, ජිවන් මෙන්ඩිස්, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ඉසුරු උදාන.

Comments
Post a Comment